Friday, January 3, 2025

Time & Life කාළයයි මමයි.

 






කාළය තමයි හොඳම විසඳුම.....

කාළය කන්න එපා බන්....

කාළය ආවම මම කියන්නම්කො.........

කාළය තමා හිර වුනේ........

කාළය එක්ක සෙල්ලම්කරන්න එපා 

කාළය ඉතුරුකර ගනින්.......

කාළයත් එක්ක ඕව අමතක වෙයි....

කාළයට ඉඩ  දීපන්.................

කාළයක් බලන් ඉන්නකො...........

Time Heals the all wounds.....

Time was affected.....


අපි හැමදෙයක්ම කාළය එක්ක සසඳනව,කාළය එක්ක පොරබදනව අවසානෙ කාළය විසින් විසඳල දෙනවද?........................






අවසානෙ " කාළය වියසක මහළු මගෙන් ඈතට ගෙනයනවා " කියල අමරදේව මහතා ගීතයකුත් ගායන කලා......❣️


Tuesday, December 31, 2024

ලද දෙයින් සතුටු (නො))වීම 🧘🚯️


 ගත්ත ලොකු ණයක්....

 හැදුව තඩි ගෙයක්...

 නින්ද යන්නෙ නෑ කිසි රැයක්....

ගෙවන කරුමයක්......


    1. 🚯️කවදාවත් තමන් ඉන්න හරියෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා.. මොකද මැරෙන කම්ම ඒක හදන එක තමයි වෙන්නෙ..

2. තරගෙට ඉඩකම් යාන වාහන ගන්නත් එපා. මොකද මැරෙනකම්ම ගෙවන එක තමයි වෙන්නෙ....

3. අපිට ඉතින් මොකටද මේව දරුවන්ටනෙ,උන් දවසක මට සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා 

4. රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා

5. මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.

6. පුලුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..

7. උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා.... 

8. ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි  අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා ..

9.. අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා.. ලැබුනොත් ඒක ඉතින් චන්ස් එකක්  තමා

වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින් ..

මොකද බලාපොරොත්තු කඩවීම කියන්නෙම මේ ලෝකයේ තියෙන දරුනුම 

හිත් වේදනාවල් වලින් එකක්...........

ඒත් සමහර බලාපොරොත්තු බොහො අය බදාගෙන ඉන්න අතර එව එක්ක ජීවත් වන අයද බොහෝය....ඒව කඩාවැටුනහම දරාගන්නා  අය දරාගන්නා අතර

දරාගත නොහැකි අයගෙ 

ජීව්ත පවා අහිමි වීමට ඉඩ ඇත.



සුබ නවස වසරක් වේවා....



Friday, December 20, 2024

මතක පමණක් ඉතිරි වන ජීවිතේ

 

LIFE PASSAGE OF THE TIME


රුපියලට ටොෆි 4ක්
 ලැබුණ කාලයක සිට 
එක ටොෆියක් රුපියල් 5කට
 ගන්නා කාලයක් දක්වා
 අපි උස් මහත් වීමු.

"පිට්ටනියේදී හමුවෙමු " යි කියූ කාලයක සිට "ඔන්ලයින් එන්න" කියන කාලය දක්වා
 අපි උස් මහත් වීමු.

අක්කගේ නංගිගේ චොක්ලට් හොරෙන් කෑ අවධියේ සිට
 ඇගේම දරුවන් බලන්නට චොකලට් මිළට ගෙනයන
 කාලය තෙක් 
අපි උස් මහත් වීමු.

උදේ නැගිටින්න කම්මැලිව
 අම්මාට "තව විනාඩි 5න් නැගිටින්නම්" කියූ අවධියක සිට 
එලාම්එක තව විනාඩි 5කින් 
දිගු කරන අවධිය තෙක් 
අපි උස් මහත් වීමු.

අපට ඕනෑ දේ ඉල්ලා 
මහ හඬින් හඬා වැටුණු අවධියක සිට ඇතුළතින් බිඳ වැටී සිටියදීත් කඳුළු සඟවා ගෙන දරාගන්නා අවධිය තෙක් අපි උස් මහත් වීමු.

"ඉක්මණින් ලොකු වෙන්නට" 
සිහින මැවූ අවධියක සිට "
ආයෙත් පොඩි ළමයෙක් වෙන්නට ඇත්නම්" යැයි සිතෙන අවධිය තෙක් අපි උස් මහත් වීමු.

"අපි මුණගැහිලා සැලසුම් කරමු" කිවූ කාලයක සිට " අපි මුණගැහෙන්න සැලසුම් කරමු" කියන කාලය දක්වා 
අපි උස් මහත් වීමු.

දෙමව්පියන්ට බිය වී සිටි අවධියක සිට දෙමව්පියන්  වෙනුවෙන් අයදින අවධියක් දක්වා අවසානයේ 
අපි උස් මහත් වීමු.

එසේ උස් මහත් වන අතරතුර,  වසරක් පාසා සෙමින් සෙමින් අප ජීවිත කොතරම් වෙනස් වන්නේද යන්නත්, තවත් වසරක් නොදැනීම ගෙවී ඇති බවත් අපි උගත්තෙමු..

මම මමය මිස නුඹම නොවේ
නුඹ නුඹම මිස මම නොවේ
 



Friday, December 6, 2024

බණ සහ අත හැරීම

 අතහැඊම 


බණක් දෙසන්න

පිරිසක් හදාගන්න

නමක් හදාගන්න

සමාජ ජාල පිරිසක් ගොඩනගාගන්න

හරි හම්බකර ගන්න

සියල්ල අතහැර රටකට යන්න

----------------------------------

බණ අහපු උන් තව බණ අහන්න

ශ්‍රී ලංකන් ලොජික්

ඔවාදෙනු පරහට 

තමා සම්මතයෙ පිහිටා සිට





 

Wednesday, December 4, 2024

DSI පාසල් වොලිබෝල් 2024

  


පුරා දින 2 ක් ( නොවැම්බර් 29/30) සුගතදාස ගෘහස්ඨ ක්‍රීඩාංගණයේදී පැවැති 2024 වසරේ DSI පාසල් වොලිබෝල් අවසන් මහ තරඟ ඉතා උත්කර්ශවත් ලෙස නිමා විය.
එහිදී එක් එක් වයස කාණ්ඩ වලට අදාල අවසන් මහ තරඟ වල එක් එක පාසල් ලබාගත් ජයග්‍රහණ ............

බාළක අංශය


  ශූරතාවය 
රුවන්වැල්ල රාජසිංහ විදුහල
  අනුශූරතාවය
පන්නල ජාතික පාසල

 3 ස්ථානය -  නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික.පාසළ

වටස 17 න් පහළ බාළක 

 ශූරතාවය 
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
 අනුශූරතාවය
නාත්තන්ඩිය ජනාධිපති  විදුහල
3 ස්ථානය  
 ගලපිටමඩ වළගම්බ ජාතික පාසළ

වයස 15 න් පහළ බාළක
 ශූරතාවය
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පසළ
  අනුශූරතාවය 
රුවන්වැල්ල රාජසිංහ විදුහල 
3 ස්තානය   වාඩියගොඩ මහ විදුහල

වයස 13 න් පහළ බාළක
 ශූරතාවය 
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
 අනුශූරතාවය 
ඉඹුලාන ශ්‍රී සේන ව්දුහල

3 ස්ථානය 
ඇහැළියගොඩ ධර්පාමපාල විදුහල


වයස 11 න් පහළ බාලක 
 ශූරතාවය
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල
 අනුශූරතාවය 
රෙජීරණතුංග ව්දුහල මිනුවන්ගොඩ

3 ස්ථානය නාත්තන්ඩිය ලූර්දු විදුහල


බළිකා අංශය

වයස 19 න් පහළ බාළිකා
 ශූරතාවය
හුංගම විජයබා ජාතික පාසල
 අනුශූරතාවය 
රුවන්වැල්ල රාජසිංහ විදුහල
3 ස්ථානය 
කිරිඳිවැල සංඝමිත්තා මහ ව්දුහල

වයස 17 න් පහළ බාළිකා
 ශූරතාවය 
ගිරිඋල්ල වික්‍රමශීලා ව්දුහල
 අනුශූරතාවය
හුංගම විජයබා ජාතික පාසළ
3 ස්ථානය
වාඩියගොඩ මහ විදුහල

වයස 15 න් පහළ බාළිකා
 ශූරතාවය 
හුංගම විජයබා ජාතික පාසළ
 අනුශූරතාවය
මහව විජයබා ජාතික පාසළ
3 ස්ථානය
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල

වයස 13 න් පහළ බාළිකා
 ශූරතාවය
නාත්තඩිය ධම්මිස්සර ජාතික පාසල
 අනුශූරතාවය 
විද්‍යාකර විද්‍යාලය -  මාබිම
 
3 ස්ථානය
කොළොන්න මහ ව්දුහල

වයස 11 න් පහළ බාළිකා
 ශූරතාවය
නාත්තන්ඩිය ධම්මිස්සර ජතික පාසළ
 අනුශූරතාවය
රාහුල ව්ද්‍යාලය අනුරාධපුරය

3ස්ථානය
රෙජීරණතුංග විදුහල මිණුවන්ගොඩ

වසරේ පාසල්.ක්‍රීඩකයා

ඉඳුරංග රත්නායක  -  රුවන්වැල්ල රාජසිංහ විදුහල

වසරේ පාසල් ක්‍රීඩිකාව 

හර්ශනී නිසංසලා  - ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය

19 න්  පහළ දක්ෂතම ක්‍රීඩකයා
තිසර දේශාන්  - පන්නල ජාතික පාසල

19 න්  පහළ දක්ෂතම ක්‍රීඩිකව
හිරුණි ප්‍රබෝධා - හුංගම විජයබා ජාතික පාසළ

17 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
බහන්දු නිම්සත -ධම්මිස්සර ජාතික පාසළ නාත්තඩිය

17 න් පහළ දක්ශතම.ක්‍රීඩිකාව
සුලක්ෂනා පසිඳුනි - ගිරිඋල්ල වික්‍රමශීලා විදුහල 

15 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
දහම් අධිකාරී -ධම්මිස්සර ජාතික පාසළ නාත්තන්ඩිය

15 න් පහළ දක්ශතම.ක්‍රීඩිකාව
වත්ශිකා දිල්ශානි - හුංගම විජයබා ජාතික පාසල

13 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
කෙනුජ තරුල් -ධම්මිස්සර ජාතික පාසල නාත්තඩිය

13 න් පහළ දක්ශතම.ක්‍රීඩිකාව
Y.ඉමායා - ධම්මිස්සර ජාතික පාසල නාත්තන්ඩිය

11 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා
පූජාන් මනේත්

11 න් පහළ දක්ශතම ක්‍රීඩිකාව
රසිඳි ඉමායා - ධම්මිස්සර ජාතික පාසල














Sunday, November 17, 2024

159 👌✊

 159 ක් ගත්ත ඈයෝ

නිහඬය , නිශ්ශබ්දය

1 ක් ගත් ඈයෝ

කති බොති සමරති

පරණ ගති නොහරිති


😄😄😄😄😄😄




Thursday, June 4, 2020

රාත්‍රියේදී අැඳ කඩන් වැටීම 😁😱😁😱🤷🤷




රාත්‍රියේදී අැඳ කඩන් වැටුනාට පසු සැමියා සහ බිරිඳ  අතර ඇති

බිරිඳ :-

නුරා ගී පුර සඳ
මුකුළු කරමින් බලයි දොරකඩ
අනේ මගෙ හිමිසඳ
අදත් ඇවිදින් කඩනවද ඇඳ..??

සැමියා :-

තුරුලට සළුපිලි එහෙ මෙහෙට               ඇද
නිදහස් කලා හැඟුමන් හැම රැහැන්       බිඳ
දෙවරක් ඉහල ගොස් සිපගත් විටදී         බඳ
මල හත්තිලව්වේ කැඩුනා දිරපු                ඇඳ

බිරිඳ :-

සිහියක් පතක් නෑ මදනයා වගේ              ඉඳ
ඊයේ ඉඳන් ඇවිලෙන තුනටියත්               බිඳ
අල්ලල කස්තිරම් වෙස්තට්ටුවක්             බැඳ
ඇයි හත්තිලවුවේ කැඩුවේ දිරපු               ඇඳ

සැමියා :-

කෙට්ටු වෙන්න බොනවයි කිව්වාට          කැඳ
තම්බ තම්බ කෑවෙම බිත්තරේ                 මද
ඔය බර කොහොම උහුලන්නද දිරපු        ඇඳ
ඇඳට වඩා ඒකයි බන් පැදුර                       හොඳ

බිරිඳ :-

මට්ටු කරන්නට වාහේ උඹව                     අද
කොස්ස ගන්නෙ ආවාද මට කරල            ඇද
හෙට්ටු කරල අරගත්තේ මගේ                 ඇඳ
මෙට්ටෙ වගේ කොහොමද බං පැදුර        හොඳ

සැමියා :-

පොළවෙන් දැනෙන සිසිලස නිදහසේ       විඳ
ආදර හැඟුම් විඳ ගනිමින් බිඳින්               බිඳ
පර්වතයක් උනත් පැදුරක බදා                   හිඳ
යහතින් නැගිටලා ආ හැකි නිසයි             හොඳ

බිරිඳ :-

දෙන්නම් කියා අලි කොටි කැන්දන්          ආවේ
කැඳවත් නැතුව ඇල්වතුරයි මං               බීවේ
ආවා දොඩවන්න පොළොවේ සුව              තාවේ
මිනිහෝ උඹයි මගෙ ජීවිතයම                 කෑවේ

සැමියා :-

තව මොකකටද දෙන්නගෙ මේ ගැන        වාද
ගෙයි ගිණි පිටට දීලා හරියන                     වාද
මොක කැඩුනත් මැණිකෙ උඹ මගෙමයි   නේද
අළුත්ම ඇඳක පෙර ලෙස සැනසෙමු          හාද

බිරිඳ :-

ඔය බොරු චාටු දහ අවුරුද්දක්              ඇහුවා
එලියට ගිනි නොදී ඒ ගිනි යට                ගැහුවා
මේ පාරනම් මිනිහෝ කිවුවොත්            කිවුවා
ඇඳ හදනකල් හිටු එලියේ දොර             වැහුවා

සැමියා :-

වහගෙන ඉඳින් මටනම් නෑ කිසි              කාරී
ඕනෑ නෑ තවත් මට මේ වධ                       භාරී
නෙරියෙන් යටින් අඳිනා ලස්සන               සාරී
අල්ලපු ගෙදර සුමනත් හරි හැඩ              කාරී

බිරිඳ :-

උඹ වගෙ නරි හමෙක් නැතුවට බං       මෙමට
යතහැකි තව දීග හතකුත් යස              රඟට
එනකොට අරන් ආවේ නෑ මං                මෙහෙට
දරු හත් දෙනත් අරගෙන පලයං           එහෙට

සැමියා:-

හිතන් ඉන්නෙ නම් ගන්නට දීග              හතක්
හෙන්ඩුව නැතිව වේවිද බන් මෙල්ල     ඇතෙක්
කට කයිවාරු ගැහුවට මේ වාහෙ       කොතෙක්
මේකට කර ගහන්නට නෑ වෙනත්         එකෙක්

බිරිඳ :-

මේ වගෙ අයද මා ගෙන යන්නට           ආවේ
පෙර කරුමයක් පලදීමකි සිදු                 වූවේ
අම්මල ඒ දවස් වල ඔය ටික                  කීවේ
ඒවා අහන්නැතුවයි මේ වහ                   කෑවේ

සැමියා :-

නයයි මුගටියයි වාගේ නොවී                   අපී
එක වහලයක් යට ඉමු තව මොටද         කිපී
එක එක කතා කිව්වට ඔය අවට              හිපී
මට උඹ තරම් මැණිකක් තව කොහෙද    පපී

බිරිඳ :-

කැඩෙනා තුරු බලාගෙන හිටියට             දීගේ
ඇස්වල කටු ඇනෙයි දැන් කාගෙත්          කාගේ
ඔබ මිස වෙන කවුද පණ රන්කඳ            මාගේ
ඇහුනද මෙයා අපි ඉමු රන් රස                  වාගේ

✍️✍️✍️✍️✍️✍️නිම්සා✍️✍️✍️✍️✍️✍️✍️

Saturday, December 29, 2018

අවුරුදු 22 කට කලින් උසස්පෙළ ප්‍රථිපල බලපු හැටි



එදා අද මෙන් නෑ දියුණු
අදනම් උසස්පෙළ ප්‍රථිපල අන්තර්ජාලයට මුදා හල සැනින් අතේ ස්මාර්ට් ෆෝන් එකේ.
අපි උසස්පෙල ලියා අවසන් වී එක්කෝ කුලී වැඩක යෙදුන නැත්නම් මොකක් හරි ප්‍රයෝජන දෙයක යෙදුන
ඒකෙදි මාත් කලේ රෙදි ෆැක්ටරියක වැඩට ගිය එක තමා.
1997 එක් දවසක් මන් වැඩ කර කර හිටිය බතික් රෙදි වැඩපලට මගේ පංතියේ හොදම යාලුවා තවත් යාලුවෙක් අග මා සොයා ආවා
(වජිර සහ යොහාන් )
ඒ කාලේ අද වගේ මුහුණුපොත් නෑ පත්තර ගන්නත් සල්ලි නෑ නිතරම
ප්‍රතිපල එනවද කියල හාංකවිසියක් දන්නෙත් නෑ.
අනේ ඉතින් මුන් දෙන්න කිලෝමීටර 15 ක් විතර බයිසිකලෙන් ඩබල් දාල ආවෙ නැතෑ එක පාරටම දර්ශනය වෙන්න මන් වැඩ කර කර හිටිය තැනට
ආපු ගමන් කියපි මුන් 
'අඩේ අන්න උබයි මායි කැම්පස් පාස් වෙලා කියල
මාව නිකං අංදුං කුංදුං වේගෙන ආව 
හැබැයි පාස් වෙන අදහසකුත් තිබ්බ 😆
මාත් ඉතින් මු දෙන්න කියන කෙබරය විස්වාස කලා
ඒ උනත් අර ගිණුම්කරනය උගන්නපු සෑර් කියල තිබ්බ බඩුවක් උනත් අතගාලම බලන්න කියල
ඒක මතක් වෙලා හනි හනික වැඩපොලෙන් පැනල මාත් පුටාර් එක අරන්
(බ්‍රේකුත් නෑ..කකුල් බ්‍රේක් තමා )
පැදපි ඉස්කෝලෙට බයිසිකලෙන්ම
අරුන් දෙන්න මාරු ඩබල් දාගෙන ආපහු පැදඔඉ ඉස්කෝලෙට අපේ වැඩ බලන්න

පැදල පැදල ගිහින් බලද්දි ඇත්ත නේනම්
ඌ දිස්ත්‍රීක්කෙන් 7 
මම දිස්ත්‍රීක්කෙන් 24 

ඊට පස්සෙ ඉතින් රූං ගාල මාත් උන් දෙන්න එක්කම ආපහු අපේ ගෙදරට පැදපි
මොකද දන්නවද
මුලින්ම පණිවිඩේ දෙන්න ඕන වෙන්නෙඔඉන කෙනෙක්ට 
ආදරණිය දෙමාපියන්ටනෙ.
ඉතින් ඔහොමයි අපේ ප්‍රථිඵල බැලිල්ල
දැන් ඉන්න උන්ටනම් එබුව සැනින් ප්‍රතිපලනෙ 😁😁💣



Monday, August 13, 2018

Smart තාරුණ්‍යය




අද ඉන්න පැටවුන්ට
අහන්නට කතන්දර
කවියක් කියාලන්න
නෑ ඉමක් උන්ට හැම
අරුමෝසම් ලෝකයක
උන් හිරවෙලා හැම පැයක
අපි වගේ අත්තප්පලා
වදවෙලා ගිය දිනෙක
දැනේවිද අගය
අපෙ පැරණි කතන්දර
අනේ මට නොවැටහේ
මුන්ගේ මේ නාටකේ



Saturday, March 24, 2018

තනිකඩ කොල්ලෝ කෙල්ලෝ









නොනිදි රැය දිගු වුවත් 
සඳ එළිය හරි කළුවරයි
අමාවක අත වනයි 
පෝය නික්මෙන හැඩයි

 බක් මහේ මල් සුවඳ
 මගෙ පැලට අකැපමයි
ප්‍රේමයේ හව්හරණ 
කාසි ළඟ රැකවලයි

කල්පයක් වූ හීන 
හීනයට ඉඟිමරයි
නියංසායට දැවුණු 
ඉපල් මදහස පුරයි

එකම පරපුරක උරුම 
මේ කඳුළු උණුහුමයි
බක්  මහම හීතලයි 
තනිකමට සරදමයි

තරු එළිය මඟ නොකී 
යෞවනය තනිකඩයි
ගුරුපාට අතීතය 
මදහසට විරසකයි

පුර හඳට පෙම් පිරුව 
හදවතට දුක බරයි
කවි හිතම ගැබ්බරයි 
පත් ඉරුව තනිකඩයි



Saturday, September 16, 2017

ආදරයට උණන කදුළු













ආදරයේ කදුළු
නොදැක ඉන්න බැරි වූනාම
ඔය ඇස් වල කදුළු උණපු
ආදරයේ හෝඩිය මට

හෙමිහිට නුබ කියා දුන්නු
දුරට ගිහින් හෙමිහිට නුඹ
යළි ආපසු හැරී බලපු
එදා හිටපු මම මයි මේ
යළි කිසිදින නුඹ නොබලපු .....

මග අරුණත් අපමණ දේ

නැහැ කිසිදින මා දුක උනෙ
නුඹ මග හැරෙනා බව නම්
නෑ මා නම් දැනන් උන්නෙ
හිස් පුරවපු නුබේ අකුරු
මගෙ පොත්වල තව තියෙන්නෙ
අවසානෙදි මේ හැම දේ
දෛවයෙ හැටි මට හිතෙන්නෙ .....






Wednesday, September 13, 2017

සද මල්වර වෙලා ( ලිව්වෙ පෝයට ඒකෙත් හැටි අමතක උනා නොවෑඅ පෝස්ට් කොරන්න )









සඳ රජිඳා
කළුවරට
එළියක් වෙලා
ගගනතට
හසරැල් වෙලා
කොඳ මලට
සෙවනැලි වෙලා
පුරපසට
සඳ පේවෙලා...
තනි නොතනි ළග
දොඩමලු වෙලා
රෑ වවුලො දැන්
පෙම්වත් වෙලා
කණා මැදිරියො
මුල්ලට වෙලා
සඳ අහසෙ අද
රජිදෙක් වෙලා...
ගහකොළද මුණු
මුණුවෙ පැද්දිලා
තුරු අගක මල් කැකුළු
විකසිත වෙලා
සිලි සිලියෙ බෝ
මැඩක වැතිරිලා
අර බලන් සේපාලිකා
පුදසුනෙ තෙරපිලා....
සිල් සුවඳ ළග සෙත්
පිරිත මුසුවෙලා
මැටි පහන් එළි පුර
හඳට ලංවෙලා
හද මැදින් සොම්නසක්
යයි ඉතිරිලා
දැන් ඉතින් 

බිනර සඳ මල්වර වෙලා.....






Friday, August 11, 2017

එකම හිත මම හොයන











සිඳ දමා තටු යුවල
නිල් අහසෙ තතු කියන
උගුල්ලා නෙතු සඟල
පුන් සඳේ රුව ගයන
බැඳ දමා තොල් යුගල
ගයන්නට තනු වයන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන,,,

අඩන්නට කඳුළු දී
සිනාසෙන්නට කියන
තැවෙන්නට හේතු දී
සැනසෙන්න මග කියන
දැවෙන්නට ඉඩ දිදී
නිවෙන්නට මට කියන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන,,,

සිතන්නට නොදී මට
සිතෙන්නට ඉඩ හරින
රැදෙන්නට නැතත් මට
මිදෙන්නටවත් නොදෙන
බිඳින්නට බලාගෙන හීන
පැතුමන් ගෙනෙන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන
,,,,,,,,,






Thursday, May 18, 2017

දේශයේ මුර දේවතාවො














හිතට හයියක් රැගෙන එදවස
හිසට බර වැඩි කරන් එදවස
ගතට හරි වෙහෙසක්ද එදවස
නුඹ රැක්කෙ ලක් මෑණි එදවස

දෙමාපිය සිය සොයුරු නෑ සැම
සිය බිරිද දරු පැටව් ටික සැම
පෙම්වතිය යහළුවන් නැති කොට
හිතට තනියක් දැනුනෙ සැම විට


රැක්ක කොට නුඹ දුරක සිට අප
ලෙන්ගතුයි සිත සොයුරු නුඹ හට
තුණුරුවන්ගේ පිහිට හැම හට
පතන්නේ හද බැති සිතින් අප හැම

තිස් වසක් ගත වුනා යුද්ධය
නුඹ දිරිය ගෙන රැක්ක මවු බිම
සැමට සාමය අරන් දුන ඔබ
විරුවො වේවා සදා සමරණ


Wednesday, May 10, 2017

ලොව උතුම්ම වෙසක් දිනය














සල් උයනෙහි ලුම්බිණී
සිදුහත් පුතු ඉපදුනී
ලොව සනසන වෙසක් මගුල
ඒ අසිරිය වෙනුවෙනී

හිමි සිරි පද පුඅදනට
මල් පිබිදෙයි තරගෙට
බිගු තුරුගොස පැතිරී යයි
වෙසගෙහි මහ මගුලට

බිම්බා සහ රහල් පුතා
අටහහැරි මොක් සුවය පතා
සක්විය සැප පිළිකෙම් කල
අපේ සිදුහත් බෝදි සතා

හිමිගේ මහ ගුණ හමුවේ
වසවත් පැරදී දිව්වේ
ඒ බව කියමින් තවමත්
සිරිමහ බෝපත් සෙලවේ

ගසක් යටම ඉපදුනී
ගසක් යටම බුදු වුනී
පිරිනිවුවදබුදු සමිදානෝ
ගසක් යටම සිදු වුනී

මලපුතු කරපින්නාගෙන
බෙහෙතක් සෙව් පනගන්නා
සෑසී පිලිසරන ලබා
කිසා නිවන් මග උන්නා

සුනීත සෝපාක වැනී
අම්බපාලි කතුන් වැනී
අසරණ අය සුවපත් කර
අපෙ බුදු ජීවකයානෙනි

බුදු ගුණ නව අරහාදී 
සීපත් කොට සිත පැදී
සම්බුදු සරනින් සැමහට
වේවා සුබ සෙත සැදී




Wednesday, April 19, 2017

සමුගත් අවුරුදු උළෙල









දැන්වත් ඉතිං කොවුලෝ
නවතන්න ඔය සවුද
සොයා ගන්නට කාළයයි
කුළියට කාක කැදැල්ලක්
පුපුරයි අසනි නුබ ගැබ
හෙලන්නට මොර ගෙඩි වැසි
සේදිය යුතුය මේ බිම
කූට වෙළදුන්ගේ දූලි කුණු
බහලනු සොදා රබාන
කෝදුරුවන් පිරුනු අටු මත
ගයලා සුරල් නව පද
FM කොමලියන්ගේ සුකුමොළ
රත් පැහැ එරබදුව විලි වැද
මියගිය බදුය කටු මත
මැයි මල් පිපේ තුරි හිස
වෙසගේ වෙලද සිරි ගෙන
කණකර දුලබ අභරණ
කරගල ගගා ක්ෂය වුන
නෙක නෙක තිළිණ වරදන
පුද දෙති බැංකු සුජනන
තුන් කුදුව නැග බස් මත
දිවයනු යෙහෙකි වැඩ බිම
දින දසුන පිරී කොටු මත
දින සති දුකින් වැලපෙන




Thursday, April 13, 2017

අවුරුදු ආවා









කොහෝ තුටින් ගීත ගයන
තුරුලිය මල් වලින් පිරෙන
නැවුම් හැගුම් දෝර ගලන
අවුරුදු ආවා

සියොතුන් රස ගීත ගයන 
ගේ දොර හැම කල එලිවෙන
නැවුම් හැගුම් දෝර ගලන 
අවුරුදුආවා

ගොයම් කපා ගෙට ගෙනෙන්න
අලුත් සහල් බත් උයන්න
ඔන්චිලි වාරම් කියන්න
අවුරුදු ආවා

අලුත් වළ0 ගෙට ගෙන්නෙන්න
අලුත් ඇදුම් හැඩ බලන්න
කැවිලි පෙවිලි රස බලන්න
අවුරුදු ආවා

රබන් සුරල් හඩ අහන්න
හෙළ කෙලි සෙල්ලම් කරන්න
හැමෝම එකමුතු කරන්න
අවුරුදු ආවා





Tuesday, April 4, 2017

අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ










තලන්න ඇහැකිනම් කෙනෙක් තලන්න මයි බලා ඉන්නෙ
පැටව් ටිකට බණ කියනා කකුළු මවක් වගේ යන්නෙ
තමන් හරිය කියා මිසක් අන් මතයක් නෑනේ ගන්නෙ
ළිඳේ ඉන්න ගෙම්බන් නැත ලෝකය ගැන කිසිත් දන්නෙ

කසාය බිව් ගොළුවන් මෙනි හොඳ වැඩකදි නැතිය කතා
වැරැද්දකදි උඩ පැන පැන නැති වැරදිත් කියති ගොතා
ඇතිදා ඇති - නැතිදා නැති - නැදෑයින් හැමට ඇතා
කට තද කර කන දිග හැර ජීවත් විය යුතුය හිතා

හිතේ නැතත් කම්මැළිකම ගෙයකට අපලයි වේයෝ
පොතේ පතේ අගේ නොදැන විනය කටින්නේ මීයෝ
ගතේ සවිය බල ඇති නම් ළඟම රැඳේ යයි කියෝ
අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ


Thursday, March 16, 2017

කුළ ගෙට යන නුඹ





නික්ම යන මොහොත
එළඹ ඇති
දියණියේ
ඉතින් කිසිදින
කඳුළක් නොහෙලන්න.
අප තුරුලේ
සැමදා ඔබට
ඉන්නට නොහැකිය
විසල් ලෝකය
නුඹ එනතෙක් බලා සිටී
අප වැනි ම වූ
තවත් මා පිය යුවළක්
නුඹට හිමි වනු ඇත
එහෙත්
අප දෙදෙන මෙන්
ඔවුන් නුඹට
ආදරය නොකරන්නේ යැයි
වේදනා නොනගන්න
නොතැලෙන යකඩය
කිසිදා
මුවහත් ද නොවේ
පුංචි මල් කුමරියේ
මවුපියන් වීම නම්
මෙලොව ඇති 
ලොකු ම අරුමයයි
උතුරා යන සෙනෙහස
නුඹට මිස
අන් කිසිවකුට
ඒ අයුරින් ම
දීමට
නොහැකියි.









Monday, March 13, 2017

බාලගිරි දෝශේ







මගුල් පෝරුව 
තව දුරයි
ඇය මගෙයි
මම ඇගෙයි
රන් හූය බැදි
දෑගිලි දකින්නට
අපි දකින හීන
එළිවෙනතුරා පමණයි
ඔරලෝසුවේ කටු අතරෙ
දින දසුනෙ පිටු අතරෙ
දුවයි කල් අකල් මායිම
පසු කරන් අපෙ 
කල වයස