Home

Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

Monday, August 13, 2018

Smart තාරුණ්‍යය




අද ඉන්න පැටවුන්ට
අහන්නට කතන්දර
කවියක් කියාලන්න
නෑ ඉමක් උන්ට හැම
අරුමෝසම් ලෝකයක
උන් හිරවෙලා හැම පැයක
අපි වගේ අත්තප්පලා
වදවෙලා ගිය දිනෙක
දැනේවිද අගය
අපෙ පැරණි කතන්දර
අනේ මට නොවැටහේ
මුන්ගේ මේ නාටකේ



Saturday, September 16, 2017

ආදරයට උණන කදුළු













ආදරයේ කදුළු
නොදැක ඉන්න බැරි වූනාම
ඔය ඇස් වල කදුළු උණපු
ආදරයේ හෝඩිය මට

හෙමිහිට නුබ කියා දුන්නු
දුරට ගිහින් හෙමිහිට නුඹ
යළි ආපසු හැරී බලපු
එදා හිටපු මම මයි මේ
යළි කිසිදින නුඹ නොබලපු .....

මග අරුණත් අපමණ දේ

නැහැ කිසිදින මා දුක උනෙ
නුඹ මග හැරෙනා බව නම්
නෑ මා නම් දැනන් උන්නෙ
හිස් පුරවපු නුබේ අකුරු
මගෙ පොත්වල තව තියෙන්නෙ
අවසානෙදි මේ හැම දේ
දෛවයෙ හැටි මට හිතෙන්නෙ .....






Wednesday, September 13, 2017

සද මල්වර වෙලා ( ලිව්වෙ පෝයට ඒකෙත් හැටි අමතක උනා නොවෑඅ පෝස්ට් කොරන්න )









සඳ රජිඳා
කළුවරට
එළියක් වෙලා
ගගනතට
හසරැල් වෙලා
කොඳ මලට
සෙවනැලි වෙලා
පුරපසට
සඳ පේවෙලා...
තනි නොතනි ළග
දොඩමලු වෙලා
රෑ වවුලො දැන්
පෙම්වත් වෙලා
කණා මැදිරියො
මුල්ලට වෙලා
සඳ අහසෙ අද
රජිදෙක් වෙලා...
ගහකොළද මුණු
මුණුවෙ පැද්දිලා
තුරු අගක මල් කැකුළු
විකසිත වෙලා
සිලි සිලියෙ බෝ
මැඩක වැතිරිලා
අර බලන් සේපාලිකා
පුදසුනෙ තෙරපිලා....
සිල් සුවඳ ළග සෙත්
පිරිත මුසුවෙලා
මැටි පහන් එළි පුර
හඳට ලංවෙලා
හද මැදින් සොම්නසක්
යයි ඉතිරිලා
දැන් ඉතින් 

බිනර සඳ මල්වර වෙලා.....






Friday, August 11, 2017

එකම හිත මම හොයන











සිඳ දමා තටු යුවල
නිල් අහසෙ තතු කියන
උගුල්ලා නෙතු සඟල
පුන් සඳේ රුව ගයන
බැඳ දමා තොල් යුගල
ගයන්නට තනු වයන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන,,,

අඩන්නට කඳුළු දී
සිනාසෙන්නට කියන
තැවෙන්නට හේතු දී
සැනසෙන්න මග කියන
දැවෙන්නට ඉඩ දිදී
නිවෙන්නට මට කියන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන,,,

සිතන්නට නොදී මට
සිතෙන්නට ඉඩ හරින
රැදෙන්නට නැතත් මට
මිදෙන්නටවත් නොදෙන
බිඳින්නට බලාගෙන හීන
පැතුමන් ගෙනෙන
නුඹ තමා,අරුමයකි
එකම හිත මම හොයන
,,,,,,,,,






Wednesday, April 19, 2017

සමුගත් අවුරුදු උළෙල









දැන්වත් ඉතිං කොවුලෝ
නවතන්න ඔය සවුද
සොයා ගන්නට කාළයයි
කුළියට කාක කැදැල්ලක්
පුපුරයි අසනි නුබ ගැබ
හෙලන්නට මොර ගෙඩි වැසි
සේදිය යුතුය මේ බිම
කූට වෙළදුන්ගේ දූලි කුණු
බහලනු සොදා රබාන
කෝදුරුවන් පිරුනු අටු මත
ගයලා සුරල් නව පද
FM කොමලියන්ගේ සුකුමොළ
රත් පැහැ එරබදුව විලි වැද
මියගිය බදුය කටු මත
මැයි මල් පිපේ තුරි හිස
වෙසගේ වෙලද සිරි ගෙන
කණකර දුලබ අභරණ
කරගල ගගා ක්ෂය වුන
නෙක නෙක තිළිණ වරදන
පුද දෙති බැංකු සුජනන
තුන් කුදුව නැග බස් මත
දිවයනු යෙහෙකි වැඩ බිම
දින දසුන පිරී කොටු මත
දින සති දුකින් වැලපෙන




Thursday, March 16, 2017

කුළ ගෙට යන නුඹ





නික්ම යන මොහොත
එළඹ ඇති
දියණියේ
ඉතින් කිසිදින
කඳුළක් නොහෙලන්න.
අප තුරුලේ
සැමදා ඔබට
ඉන්නට නොහැකිය
විසල් ලෝකය
නුඹ එනතෙක් බලා සිටී
අප වැනි ම වූ
තවත් මා පිය යුවළක්
නුඹට හිමි වනු ඇත
එහෙත්
අප දෙදෙන මෙන්
ඔවුන් නුඹට
ආදරය නොකරන්නේ යැයි
වේදනා නොනගන්න
නොතැලෙන යකඩය
කිසිදා
මුවහත් ද නොවේ
පුංචි මල් කුමරියේ
මවුපියන් වීම නම්
මෙලොව ඇති 
ලොකු ම අරුමයයි
උතුරා යන සෙනෙහස
නුඹට මිස
අන් කිසිවකුට
ඒ අයුරින් ම
දීමට
නොහැකියි.









Monday, March 13, 2017

බාලගිරි දෝශේ







මගුල් පෝරුව 
තව දුරයි
ඇය මගෙයි
මම ඇගෙයි
රන් හූය බැදි
දෑගිලි දකින්නට
අපි දකින හීන
එළිවෙනතුරා පමණයි
ඔරලෝසුවේ කටු අතරෙ
දින දසුනෙ පිටු අතරෙ
දුවයි කල් අකල් මායිම
පසු කරන් අපෙ 
කල වයස















Thursday, March 9, 2017

එකම අරමුණක්...








මා රැකියාවට ගොසින්
ආපසු එනතුරා
නුඹ බලා සිටියා එදා
නුඹෙ පුංචි සන්දියේ
මා කිසිවක් ගෙන එතැයි
අපේක්ෂාවෙන්...

එලෙසින් ම
නුඹ එනතුරා
මමද බලා සිටින්නෙමි මෙදා
මගෙ සැඳෑ දිවියේ
නුඹ සුවෙන් එතැයි යන
එක ම එක අපේක්ෂාවෙන්





Saturday, March 4, 2017

හිතාපන් හෙටක් යෙහෙලියේ







කඳුළු ගීතයකට
තනුවක් නොවී නුඹ
සෙනෙහෙබර කවි පෙළක
පදවැලක් වුව මැනව
කළුවර වූ විජිතයක
අමාවක නොවී නුඹ
සොඳුරු මඟ දිදුලවන
සරා සඳ වුව මැනව
සුවිසල් මන්දිරයක
සෙව්වන්දියක නොවී නුඹ
පුංචි නිවහනකට
සිතුමිණි පහනක් වුව මැනව
මිරිඟුවට ලුහුබඳින
මුවැත්තියක නොවී නුඹ
ගුණ නුවණ දියුණු කළ
නැණ පහන වුව මැනව....




Friday, March 3, 2017

මධුවිත









හිතන්නට
ගයන්නට
වයන්නට
නටන්නට
දොඩන්නට
මියෙන්නට

Tuesday, February 28, 2017

හැම රාත්‍රියක කවියක් වී, දුක කියනා හිතේ...







හැම රාත්‍රියක කවියක් වී,
දුක කියනා හිතේ...
හැම ආත්මයක පැතුමක් වී 
නුඹ උන්නා වගේ... 
හිත පුරාවටම අවතැනවී
හඩන හැඩුම මගේ... 
ලය පුරා දුවන හුස්මක්වී 
හිත නවතිනු දැනේ... 
එක ආත්මයක පතාන ආ 
දුක් සංකා අපේ....
හිත හැදු තරම් ලගම ඉදන්,
ආදරයෙන් මගේ ....
නිසොල්මනේ මා ගොතනා, 
කවක් වෙලා රැයේ .... 
හීන හතක් මැද හැමදා 
නුඹ උන්නා මගේ.... 
සංසාරේ පතාන ආ 
මේ ආදරේ හිතේ.... 
නිම්මා නැති ආල කතා 
කොදුරන මැදියමේ.... 
අමාවකේ තරු අහසට,
ශාප නොකර අනේ.... 
පායාපන් මගේ සදයි, 
නුඹ තරු මැද රැයේ.... 
හීන තියා හිත දොරකඩ, 
මං ඉන්නවා වගේ.... 
නුඹ නේනා හැම හීනෙක , 
තනිවෙනු බැහැ අනේ....
හිත අස්සේ අහුමුලුවල 
පෙම හංගා තියේ....
යලි නාවත් එ් හැම තැන , 
නුඹේ සුවද දැනේ.....





Thursday, February 9, 2017

සිනාසී දිවි ගෙවමි





මේ සුසුම බර වැඩියි
නොහෙලාම සිනාසෙමි
මේ කඳුළු නෙත දවයි
බොඳ නෙතින් බලා ඉමි


සිතන්නට වරම් නැති
සිතුවිල්ල අතරමැද
කිසිත් නොවූ විරූ
සිනාසී දිවි ගෙවමි

Wednesday, February 1, 2017

ආදරය




අරලියා මල් මතට
සද ඇබිත්දක් වැටෙනකොට
කිතිකැවෙනවා වගේමයි
නුඹ කියා දුන් ආදරය

ගංදෑල ඉවුර ලග
ගල්තලාවේ ඉදන්
නුඹේ සිනිදු අතැගිලි පොඩි
අල්ලන්න හිත කියයි

මලක මෙලෙකකට වැඩිය
නුඹේ සිනිදු කම්මුලට
හාදුවක් දෙන්න
හිත කියයි

රෝස මලකට වැඩිය
නුඹෙ සිනිදු කම්මුලට
මගෙ දෙතොල් රළු වැඩිද
මට සැකයි


Friday, January 20, 2017

සොයයි නුඹ ( ඉකිගසන තාරුණ්‍ය)





දෙතොල හරහා
ඇඟිලි තුඩගින්
අඳිමි මතකෙන් 
සිනහ සලකුණු

දෙනෙත ගැඹරෙහි
කිමිද මොහොතක්
සොයා යන්නෙමි
මතක විසිතුරු

අවුල් කෙහෙරැළි
අතර පැටලී
සුළං රැළි වෙමි 
සිඹින නිරතුරු

රුවක නතරව
අතරමං වෙමි
සිහිනයක් වී 
හෙටත් එනතුරු

බිඳෙන් බිඳ නුඹ ගෙනත්
මගේ හිතට ගොඩගහන
මේ සිනා ළවැලි ගෙන 
මාළිගා තනමි මම 

සයුරු තෙර කළඹමින්
රුදුරු රළ නැඟෙන ඉම
නොතනන්න මාළිගා
උගෙනගමි ඉතින් මම





Saturday, November 12, 2016

යෝජිත විවාහයක මධුසමය දා








ගව් සියයක් මෙපිට සිටිය ඔබ
ගම් සියයක් එපිට සිටිය මම
තල කොලයක ඇඳුනු
කොටු - කතිර - රාශි තුල සිරකොට
රාහු - කේතු - ගුරු - ශනිට සමකොට
නැකැත් ඇදුරෙකු පෑන් තුඩගින්
ලැබිනි අවසන් තීන්දුව අද

ඔබේ සිත ඔහු ළඟින් සිරකර
මගේ සිත ඇය වෙතට හිමිකර
ඇතිරු සුදු පිළි - යහන මතුපිට
හැරී දෙපසට - තුරුලු වී සීතලට
සුසුම් ගින්නෙන් දවයි කුටිය


රාත්‍රිය තරුණය
ඔබ මා මෙන් ම
උණුහුම්ය රුහිරු
ගලායන - නහර වැල් තුළ
පහන් පැය හෙට උදාවන
නොවන්නට අවමාන ඔබහට
දෙහිත් නොරටක
ගියත් දෙඅතක
සිරුරු උණුහුම් කළ යුතුය අද








Saturday, October 8, 2016

සුසුම්





සඳුන් සිසිලස සේ දැවටී
නෙත් කැලුම් මැවුණා
සුවහසක් පැතුමන් පුරා
දුකඳුරේ ගිලී තැවුණා

සිහිවෙයි නුඹ සිනා කැන්
ගෙනදෙයි සදා පැතුමන්
තවරා සුසුම් සුවරැල්
මනරම් ඔබේ රැඟුමන්

කඳුළැල් ගලයි නෙතගේ
රෑ තුන් යාමයේ
මිලිනයි පැතුම් අඹරේ
සහසක් සිතූ පැතුමන්




Wednesday, September 21, 2016

අවිවාහක යෙහෙළියට






සිතාපන් හෙටක් ගැන යෙහෙළියේ
සුදු කෙසක් මතුවී කියන්නේ
කඩ ඉමක් අද්දර බවයි
අද හෙටම විසඳුම් සොයන්නයි

සොයුරි ඔබෙ කුල ගෙට ගිහින්
අයිය බින්නයි එපිට ගම්මානේ
කොයි කලක් මවු තනි රකින්න ද
ගනින් තීරණයක් ඉතින් වත්

ඔබේ පසුබැස්මෙන් හෙට උදාවන
රැකවරණ ගැන වග කියනු කවුරුන්
තනිව ආ මග තවත් ඇහැකිද
ඔබේ ඉරණම උඩයි අම්මා
නෙතු පියන්නේ සදා සැනසීමෙන්

දෛවයට කාලයට ඉඩ දී
තවත් නොසිටින් නිහඬ වී
අලුත් නෑදෑකම් සොයා
පිළිවෙළක් වෙනු
කැවුම් කිරිබත් අපට දී
හත් දා මගුල් කා





Thursday, August 18, 2016

ලොවුතුරු සුවය





සඳරැස් දහරින් 
ලොව නැහැවී
නිකිණියෙ සිරි දෙයි 
පොලෝ තලේ
ඝණ්ටා නාදේ 
දෙසවන රැව්දේ
බැතිබර සිත් 
ඒ දෙසට නැවේ

අරලිය මල් දෝත දරා
සමිඳු පුදන්නට 
හද සැරසෙයි
බොදු බැති ගී සර
හද පුදසුන මැද 
බවුන් වඩයි

දැල්වූ පහනින් 
මොහ’ඳුර දුරුවී
සදහම් දහරින් 
ලොව නැහැවේවා!
බණ පදයෙන් 
දුක් ගින්න නිමාවී
ලොව්තුරු සුවයෙන් 
සිත සැනසේවා!




Friday, June 24, 2016

රස






ගැහැනු සිරුරක සුවයෙහි
කය සතපවන මිනිසුන්
ඇහැරවා ගත්තත්
සිත්විලේ නොපිපුණ
තුටු මල් කැකුළු නෙක

එළු කුකුළු සූකර
සතුනගේ පණ කෙඳි
මිහිතලෙන් චුතකොට
සදා රසමසවුළු
පිනවමින් රසදිව
ඇතැම් පුහුදුන් දන
සිත් ගඟේ තුටු රැලිසර
නැගූවත් කොපමණ

මදුවිතක් තොලගා
පියෙවි ලෝකෙන් බැහැර ව
ඇන්දත් සතුටු සිත්තම්
මැකී බොඳ වී යන
මතට ලොල්වුණ දන

නොවිඳිති කිසි දිනක
ජීවන යථාර්ථය
සඟවා වසන්කරගත්
සනාතන දහමක රස




Tuesday, April 12, 2016

එරබදු මල් පොකුරු ළඟ





කෙවිලිය සමඟ පැමිණුන
කොවුලා ඇටඹ ගහ උඩ
සවන් දෝතට විසි කළ
මියැසිය පරදවයි
මිහිරි ම මිහිරි මී රස

කිරිගහ උඩින් මතුවුණ
පෙරදින රැයේ බක්සඳ
රුක්ගස් පුරා ඇති රුව
කිරණ අමතක කොට ගොස්
නව සෙඳරියක් හැමතැන

අලුත් වතුරෙන් උතුරන
ඇළ දොළ ගඟුල් වට කොට
අලුත් දලුසළු ඇඳ
මල් පල බරණ පලඳා
තුරු ගොමු පවා තුටු වෙයි

මිහිරි පල වළඳා
විහඟුන් කියන රසකවි
බක්මහ අසිරි සිරි ගැන
මල්වල ලියති බිඟු කැල
ළාහිරු කිරණ දුවවිත්
පිනි පිස දමන උදයෙ ම
මගෙ සිත නතර වෙයි
එරබදු මල් පොකුරු ළඟ