Home
කවි
නිසදැස්
රසවින්දන
Thursday, October 22, 2015
සෙවනැල්ල
අත ළඟම සේ පෙනෙන
මායාව සිත දවන
නුඹයි සෙවනැලි දහස
ළඟ වුනත් ළඟ නොවන
එළිය සමගින් මැවෙන
අඳුර ළඟ සැඟව යන
නොපෙනුනත් ළඟින් ඉඳ
හිතට එබිකම් කරන
කිසිදිනක හිමි නොවන
කිසිදිනක වෙන් නොවන
තනිකමට තනි රකින
සෙවනැල්ල නුඹ සබඳ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)